දේශීය

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

(UTV | කොළඹ) – පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරි සැලසුම් සැකසීම පිණිස ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

සෞඛ්‍ය අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරේ. ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් වෙනත් ප්‍රදේශවලවල සිට මෙම පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිනීමත් මොවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප්‍රමුඛත්වය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ සඳහා පළාතේ සියලු පළාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ.

සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැලසුම් පසුවිපරමට ලක් කරන ලෙසත්, සාර්ථකව ඩෙංගු මර්දනය කළ රටවල අත්දැකීම් ආදර්ශයට ගන්නා ලෙසත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

Related posts

තවත් 561 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා කරයි [RELEASE]

Mohamed Dilsad

රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය දැඩි තීරණයකට..

Mohamed Dilsad

Leave a Comment