දේශීය

පූජිත්ට සහ හේමසිරිට ඇප ඉල්ලීම් විමසීමට දින නියම වේ

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම් ලබන මස 10 වනදා විමසා බලන බව අද (09) දැනුම් දුන්නේය.

මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මෙය ප්‍රකාශයට පත් කළ අතර නීතිපතිවරයා විසින් මෙම ඇප අයදුම්පත් වෙනුවෙන් අද දිනයේදී මූලික විරෝධතා ගොණු කරනු ලැබුවේය.

තවද ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 10 වන දින ගොණු කරන ලෙසට හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නීතීඥයන්ට මහාධිකරණය දැනුම් දුන්නේය.

Related posts

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක්

Mohamed Dilsad

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්

Editor O

Leave a Comment