Trending Newsඑසැන පුවත්දේශීය

කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්

(UTV | කොළඹ) –

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කර තිබේ. මෙම තාවකාලික වැඩ තහනම පෙරේදා සිට ක්‍රියාත්මකයි.

කෝසල සේනාධීර ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් විදුලිය හා ජලය ලබා ගත් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් කොට නිගමනයකට එළැඹෙන තෙක් එකී වැඩ තහනම බල පැවැත්වෙනු ඇති.

එම කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත 2024.05.08 වන දින කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මූලික විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ඇතුළු විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රශ්න ගත සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහෙස්ත්‍රාත්වරයාගෙන් මෙන්ම තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කොට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එකී අනවසර විදුලි රැහැන්වලින් 2023.08.27 වැනිදා පුද්ගලයකුට විදුලි සර වැදීමක් ද සිදුවී තිබූ අතර එකී සිද්ධියෙන් මාස අටකට පමණ පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණිලි කර ඇති බැවින් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා යම්කිසි සාධාරණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වනවා.

 

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

Mohamed Dilsad

US planes arrive with Venezuelan aid

Mohamed Dilsad

New Cyber Security draft Bill ready

Mohamed Dilsad

Leave a Comment