දේශීය

ඇඳිරි නීතිය කඩකළ පිරිසක් අත්අඩංගුවට

(UTV|කොළඹ) – බණ්ඩාරවෙල පොලිසිය විසින් ඇඳිරිනීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලගයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

ඔවුන් ගල්තලාවක් මත සාදයක් පවත්වමින් සිටියදී ඊයේ (20) රාත්‍රි 10 ට පමණ වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි

සැකකරුවන් අද (21) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දිවයින පුරාවටම බලපැවැත්වෙන පරිදි ඊයේ පස්වරු 6 ට පැනවු ඇඳිරිනීතිය ලබන සඳුදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි.

මෙම කාලසීමාවේදී නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කර සිටියි.

Related posts

අද විදුලි කප්පාදුව වැඩිවෙයි

Mohamed Dilsad

අද දිනයේ මුළු ආසාදිතයින් ගණන 650ක්

Mohamed Dilsad

මේ වසරේ ගතවූ මාස 08 තුළ, සහල් සම්බන්ධ වැටලීම් 3000ක්

Editor O

Leave a Comment