Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපති ඝාතනය මාලිමාවේ වැඩක්…! – හිටපු ඇමති දුමින්ද දිසානායක

සිය රාජකාරී අසුනේ සිටියදී ඊයේ දින ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශ සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය ආණ්ඩුවේ මර්දනයේ දෙවැනි අදියරක් දැයි සැකයක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සඳහා සිදුකරන ලද කටයුතු මත මෙම සැකය මතුවී ඇති බවයි.

එම ප්‍රාදේශීය සභාවේ නිලවරණයට පෙර මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගිය බවත් මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගෙන් නිවසට වෙඩි තැබීමක් සිදුවූ බවත් ඔහු සිහිපත් කළේය.

බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගය එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද දිනා ගැනීමේ උත්සාහයක් පැවැති බවත් ඉන් නොනැවතී වෙනත් උපක්‍රම ද යොදා ගත් බවත් පැවසූ ඔහු නමුත් බලය විපක්ෂය විසින් තහවුරු කරගෙන ගන්නා ලද බවද කියා සිටියේය.

එවන් තත්ත්වයක එසේ ජයග්‍රහණය කළ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ පාර්ශවය සිදුකරන ලද මර්ධනයක් යැයි සැක කළ හැකි බවත්  හෙතෙම  කියා  සිටී.

ඒ ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට ලබාගන්න දත කෑව ද නැද්ද කියලා අපි දැක්කා. ඡන්දය වෙලාවෙදි පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ගෙදරට වෙඩි තිබ්බා. එතුමා වොයිස් කට් දීලා තිබුණා. මේ වෙඩි තිබ්බේ අපේ ම අය ද දන්නේ නැහැයි කියලා. ඒවා ප්‍රවෘත්තිවල පළ වුණා. මේ වෙඩි තිබ්බේ අපේ ම අය ද කියලා මට සැකයි කියලා එතුමා කාත් එක්ක දෝ දුරකතනයෙන් කතා කරන හඬ පටයක් රූපවාහිනී නාළිකාවල පළ වුණා. ඒ වගේ ම එදා සභාපති තෝරන දවසේ කවුද සභාවේ හිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමැතිවරු පවා හිටියා. අපේ පක්ෂවලත් අපේ ආසන සංවිධායකවරු ගියා. ඒත් අපි පේන්න ගියේ නැහැ. හැබැයි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උනන්දුවක්. උත්සාහයක් දැරුවා. ඒක නැහැ කියන්න බෑ.

ඒ ගොල්ලෝ උත්සාහ දැරුවට විපක්ෂයෙන් තමයි සභාපතිවරයා පත්වුණේ. එතකොට ඊයේ ඔහුව ඝාතනය කරනවා. ඡන්දෙන් මේ බලය ගන්න උත්සාහ කළා. ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවත් මේ බලය විපක්ෂයට ගියා. හැබැයි අද වෙන කොට විපක්ෂයයෙන් පත්වුණ, සභාපතිවරයාව තමන්ගේ කාර්යාලයට ම ඇවිල්ලා වෙඩි තියලා මරලා. මේක ආණ්ඩුවේ මර්දනයේ දෙවන අදියර ද කියලා අපට සැකයක් තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා මේක අපිට හොයලා දෙන්න.”

Related posts

Nine-hour water cut in Colombo today

Mohamed Dilsad

இறுதி யுத்தத்தில் காணாமல் ஆக்கப்பட்டோரின் தகவல்களை அரசாங்கம் வெளியிட வலியுறுத்தல்

Mohamed Dilsad

Chadwick Boseman turns Samurai for “Yasuke”

Mohamed Dilsad

Leave a Comment