Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ පරීක්ෂාවක්

පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.

එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා දැන්වීය.

මේ අතර නොවැම්බර් මස 7 වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාප ද ආරක්ෂක පරීක්ෂාවට ලක්කෙරුණු ඇත.

එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.

අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු පැමිණීමේ දී රියදුරෙකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබීය.

එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමුකරනු ලබන බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

Over 493, 000 displaced: Death toll increased up to 113

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

Editor O

හිටපු අමාත්‍ය බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

Leave a Comment