Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට සූදානම් වෙති

ඉල්ලීම් ලබා නොදෙන්නේනම් රට පුරා වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවකට දී හෙතෙම ඒ බව කීවේය.

ජගත් චන්ද්‍රලාල් මහතා මෙසේද කීවේය. “අපේ සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව සම්මතකර දෙනවා කියලා ඇමතිවරයා කිව්වේ ගිය අයවැය විවාදයේදී. මැයි 01 වෙනිදා වෙනකොට ගැසට් කරලා අපිට සේවා ව්‍යවස්ථාව ලබාදෙනවා කිව්වා. අදට ඒක බොරු පොරොන්දුවක් වෙලා තියෙනවා. අපි කියනවා මේ රජයට මේ සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී සන්ධානයේ සංශෝධනය ඇතුව වහාම ගැසට් කරලා අපට බලාත්මක කරලා දෙන්න. එහෙම නැත්නම් අපිට සිදුවෙනවා මේ රජයට විරුද්ධව පාරට බහින්න. ඒ වගේම ඉන්ධන ලීටර 20ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අයවැයේදී ලැබුණේ නැත්නම් අපි ඒකාබද්ධ සන්ධානයක් වශයෙන් අපි අද තීරණයක් ගත්තා ඉදිරි අයවැයෙන් මේ ප්‍රතිපාදන අපිට ලැබුණේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.”      

Related posts

උසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්

Mohamed Dilsad

State Vesak Festival to be held in Kurunegala

Mohamed Dilsad

“Sri Lanka to get more dates for this Ramadan” – Minister Haleem

Mohamed Dilsad

Leave a Comment