Trending Newsඑසැන පුවත්දේශීය

ජිනීවාවලදී වෙච්ච දේ පැහැදිලි කරන්න, අගමැති හරිනි සති දෙකක් කාලය ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳ රජයේ ස්ථාවරය දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සති දෙකක කාලයක් ඉල්ලා සිටින ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අගමැතිනිය මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරියගෙන් විමසන ලද ප්‍රශ්න මෙසේය:

මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරන යෝජනා අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග කවරේද?

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද? එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද?

මහ කොමසාරිස්වරයාගේ වාර්තාව අනුව වගවීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වෙනත් අන්තර්ජාතික විකල්ප යොදා ගැනීමට සලකා බලන්නේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරිය විසින් සති දෙකක කාලයක් ඉල්ලා සිටීමට හේතුව ලෙස සඳහන් කළේ, තමන් සූදානම් වී සිටියේ මන්ත්‍රීවරයා විසින් විමසන ලද වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු දීමට බවත්, ඉහත සඳහන් කළ ප්‍රශ්න අලුතෙන් විමසන ලද ඒවා බවත්ය.

Related posts

பேரவாவி அபிவிருத்தி திட்டத்தினை ஆரம்பிக்கத் தீர்மானம்

Mohamed Dilsad

Trump delays tariff hikes on Chinese goods ahead of talks

Mohamed Dilsad

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment