Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති කිලෝ ග්‍රෑම් එකට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති‘ මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වුව ද රඳවා තබාගෙන ඇති මෙම සම්පාල හේතුවෙන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත ගබඩා පහසුකම් ලබාදීමට හැකියාවක් නොමැති වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පරීක්ෂණ අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස අධිකරණ අමාත්‍යාශය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම  සලකා බැලු අධිකරණ සේවා කොමිෂන් සභාව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇති බව වාර්තා වේ.

Related posts

LVMH boss Bernard Arnault overtakes Bill Gates as world’s second-richest person

Mohamed Dilsad

රනිල්, අනුර ඇතුළු පිරිසේ පෙත්සම් ගැන නීතිපති ගත් පියවර

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment