Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප කොන්දේසි විරහිතව එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව එක් විය යුතු බව පක්ෂ දෙක එක්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

පක්ෂ දෙක එකට එක්වීම කෙසේ සිදු විය යුතුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

පසුගිය දින කිහිපය තුළ මෙම කමිටුව අවස්ථා කිහිපයකදී රැස්වී සකස් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව අද සවස පැවැත්වෙන එම පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කරන බව කමිටු සාමාජිකයෙක් පැවසීය.

එළඹෙන පළාත් සභා මැතිවරණයට පක්ෂ දෙක එක අපේක්ෂක ලැයිස්තුවක් යටතේ එක් ලාංඡනයකින් ඉදිරිපත් විය යුතු බව කමිටුවේ ස්ථාවරය වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

Mohamed Dilsad

බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

Leave a Comment