Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප කොන්දේසි විරහිතව එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව එක් විය යුතු බව පක්ෂ දෙක එක්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

පක්ෂ දෙක එකට එක්වීම කෙසේ සිදු විය යුතුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

පසුගිය දින කිහිපය තුළ මෙම කමිටුව අවස්ථා කිහිපයකදී රැස්වී සකස් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව අද සවස පැවැත්වෙන එම පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කරන බව කමිටු සාමාජිකයෙක් පැවසීය.

එළඹෙන පළාත් සභා මැතිවරණයට පක්ෂ දෙක එක අපේක්ෂක ලැයිස්තුවක් යටතේ එක් ලාංඡනයකින් ඉදිරිපත් විය යුතු බව කමිටුවේ ස්ථාවරය වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

மஹிந்த ராஜபக்ஷ தாக்கல் செய்த மனு விசாரணை ஒத்திவைப்பு

Mohamed Dilsad

Sri Lanka announce preliminary squad for Asia Cup

Mohamed Dilsad

நவம்பர் 14 ம் திகதி பாராளுமன்றம் கூடுகிறது !

Mohamed Dilsad

Leave a Comment