Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ මැති-ඇමතිලා එක මිටට ඉන්ධන දීමනාව ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමන්ට හිමි ඉන්ධන දීමනාව, කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසුව ද යම් කාලයක් තිස්සේ ලබාගෙන ඇති බව ඊයේ (15) පාර්ලිමේන්තු තොරතුරු දැනගැනීමේ ඒකකය විසින් හෙළි කර ඇත.

පාර්ලිමේන්තුවේ ලොබි වාර්තාකරුවන් පිරිසක් විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

අනාවරණය වූ තොරතුරුවලට අනුව, බිමල් රත්නායක, කේ. ඩී. ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, ඒ. එච්. එම්. එච්. අබේරත්න, ක්‍රිශාන්ත අබේසිංහ, අනුර කරුණාතිලක, කුමාර ජයකොඩි, චතුරංග අබේසිංහ, මහින්ද ජයසිංහ, හංසක විජයමුණි, එරංග වීරත්න, ටී. බී. සරත් සහ අරුන් හේමචන්ද්‍ර යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 2025 මාර්තු මාසය දක්වා ඉන්ධන දීමනාව ලබාගෙන ඇත.

එසේම, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නලින්ද ජයතිස්ස, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් කුමාර ගාමිණී, උපාලි පන්නිලගේ, සරෝජා පෝල් රාජා, ආනන්ද විජේපාල, ජනිත රුවන් කොඩිතුවක්කු, එරංග ගුණසේකර, ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, ආර්. එම්. ජයවර්ධන, සුනිල් වටගල, නාමල් සුදර්ශන සහ රුවන් සෙනරත් යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 2025 අප්‍රේල් මාසය දක්වා ඉන්ධන දීමනාව ලබාගෙන තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා 2025 මැයි මාසයේ සිට ඉන්ධන දීමනාව ලබාගැනීම නතර කර ඇති අතර, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් මහත්වරුන් මේ වසරේ ජූනි මාසය දක්වා දීමනාව ලබාගෙන ඇත.

රත්න ගාමගේ, අරුණ ජයසේකර, ගමගේදර දිසානායක, මුනිල් මුලෆර්, මධුර සෙනෙවිරත්න සහ නලින් හේවගේ යන මහත්වරුන් මේ වසරේ ජූලි මාසයේ සිට දීමනාව ලබාගැනීමෙන් වැළකී ඇත.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ සහ සුසිල් රණසිංහ යන මහත්වරුන් 2025 අගෝස්තු මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා තිබේ.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, නාමල් කරුණාරත්න සහ උපාලි සමරසිංහ යන මහත්වරුන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන දීමනාව ලබාගැනීමෙන් වැළකී ඇත.

සියලුම අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ සියලු දීමනා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ගෙවනු ලබන බවද මෙහිදී අනාවරණය විය.

මූලාශ්‍රය- Daily Mirror

Related posts

“Lanka – Russia discussing Mi-17 helicopters deal” – Dayan Jayatilleka

Mohamed Dilsad

வவுனியா சிறையில் இருந்து சிறைக்கைதி தப்பியோட்டம்

Mohamed Dilsad

රජයට ලක්ෂ 11ක් පාඩු කළ චෝදනා : ජෝස්ටන් ට ඇප

Mohamed Dilsad

Leave a Comment