Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා – පා.ම. ලක්මාලි හේමචන්ද්‍ර

නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශ කළාය.

කොළඹ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමක ඇය මේ බව පැවසුවාය.

තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව පැවසුවාය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් වීමට කටයුතු  නොකරන බවයි.

Related posts

අද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

හදිසි විදුලිය මිළදී ගැනීමකට අවසර නැහැ

Mohamed Dilsad

Disrupted train services restored

Mohamed Dilsad

Leave a Comment