Trending Newsඑසැන පුවත්දේශීය

සමූපකාර ඡන්දය පැරදුනාට, ජනමතය එය නෙවෙයි – මහින්ද ජයසිංහ

සමූපකාර ඡන්දය සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

එහෙයින් සමූපකාර මැතිවණ ප්‍රතිඵලයකින් සමස්ත ජන මතය පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම විපක්ෂ කණ්ඩායම් එකතු වී සමූපකාර බලය ලබා ගනිමින් තිබුණ ද තනි පක්ෂයක් ලෙස තමන් ඉදිරියෙන් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

තව දුරටත් රටේ බහුතර සමූපකාරවල බලය ඇත්තේ ජාතික ජන බලවේගයට බවත් තමන් හොබවන සමූපකාර ඔස්සේ ජනතාවට ඉහළ සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද මහින්ද ජයසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර දිසානායක මහතා මාලිමාව සමූපකාර ඡන්ද ජයග්‍රහණය කරන විට එය ගමේ ජනතා මතය යැයි ප්‍රකාශ කළ බවත් මේ වන විට ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදින පසුබිමක එම තර්කය තව දුරටත් වලංගු දැයි ප්‍රශ්න කළ අවස්ථාවේය.

Related posts

இந்தியாவில் கைது செய்யப்பட்டுள்ள இலங்கை மீனவர்கள் 32 பேருக்கும் விடுதலை

Mohamed Dilsad

காணாமல் போனோர் தொடர்பான அலுவலகத்தின் இரண்டாவது சந்திப்பு மாத்தறையில்

Mohamed Dilsad

டேன் பிரியசாத் கைது

Mohamed Dilsad

Leave a Comment