Trending Newsඑසැන පුවත්දේශීය

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දොළහක (රු.1,200,000/-ක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. .

මහව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන අක්කර 20 ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින් අක්කර 12 ක ප්‍රමාණයක් පැමිණිළිකරු වෙත වගා කටයුතු සිදු කිරීමට අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා දී අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 10 ක් ලබාගෙන තිබේ. .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම පවසන්නේ ඉතිරි මුදල ලෙස ලක්ෂ 12 ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයකු ඊයේ දවල් (16) තණමල්විල , වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක දී අත්අඩංගුවට ගත් බවයි.

Related posts

யானை ரயிலில் மோதி படுகாயம்…

Mohamed Dilsad

Mangala to submit special Cabinet paper on 2019 Budget today

Mohamed Dilsad

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

Mohamed Dilsad

Leave a Comment