දේශීය

රජයට ලක්ෂ 11ක් පාඩු කළ චෝදනා : ජෝස්ටන් ට ඇප

(UTV | කොළඹ) – 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නේ ඉකුත් නව (09) වැනිදා යි.

එදින නඩුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන් නඩු විභාගය අවසන් වනතෙක් තහනම් කිරීමට ද නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයාට අමතරව මෙම අධි චෝදනාවට විත්තිකරුවන් ලෙස නම් වී සිටියේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ මොහාමඩ් සාකීර් යන අයයි.

Related posts

වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙයි

Editor O

ජනාධිපති සහ ඇමති නිල නිවාසවලට කරන්නේ කුමක් ද…?

Editor O

Leave a Comment