දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා සඳහා තවදුරටත් සහාය

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව සහ අමෙරිකා ව්‍යාපාර අතර තවත් සහයෝගීතාව වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන්  අමෙරිකා – ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමග සාකච්ඡා කළ බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000 කට පමණ අමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම හමුවේ සහයෝගයක් ලැබෙන බවයි.

එමගින් අමෙරිකාවට අපනයන භාණ්ඩ යැවීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවද ඇය සඳහන් කළා.

ඇය තවදුරටත් පැවසුවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, ගොවීන්ට බීජ වර්ග සහ පොහොර ලබාදීමෙන් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් මගින් පුහුණු කටයුතු ද සිදුවන බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකෙරෙන සාකච්ඡා සඳහාද දෙරට අතර යම් එකගතාවයක් ඇතිකරගැනීමට හැකිවුවහොත් තවදුරටත් සහාය දැක්විය හැකි බවද ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

Related posts

අස්වැසුම ගැන දැනුම්දීමක්

Editor O

මහ බැංකුවෙන් විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

Leave a Comment