දේශීය

කොළඹට අද දැඩි ආරක්ෂාවක්

(UTV | කොළඹ) – අද (30දා) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයේදී මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නගරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා ඇති බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති එස්.ජේ.චන්ද්‍ර කුමාර මහතා පවසා තිබේ.

ඩ්‍රෝන කැමරා, පොලිස් නිලධාරීන් සහ කැරලි මර්දන අංශ ද මෙම ආරක්‍ෂක බුද්ධි අංශය යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

විරෝධතාවය අතරතුර කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවුවහොත් නීතියට අනුව අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

මේ අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටි දිවාවන්නා ඔය දක්වා ආරක්ෂාව සඳහා විශේෂ නාවික කණ්ඩායම් යාත්‍රා ස්ථානගත කරන බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

Related posts

වැස්ස ඇති විය හැකි ප්‍රදේශ මෙන්න

Editor O

බෙදුම් නඩු පනත ට නව සංශෝධන ගෙනඑයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment