ක්‍රීඩා

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි

(UTV |  ඩුබායි, සාජා) – ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය සාජාහීදී අද පැවැත්වෙනවා. බී කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතරයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙම තරඟාවලියේ සහභාගි වූ පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් පරාජය කිරීමට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරඟාවලියේදී ක්‍රීඩා කරන පළමු තරඟය මෙය වනවා.

ඒ අනුව, බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

මෙම තරගයේ ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරියට යාම සඳහා ද බලපෑමක් ඇති කළ හැකි බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

Related posts

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාවේ වෙනසක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිළේ හිටපු වොලිබෝල් නායකයාගෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්

Mohamed Dilsad

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment