ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාවේ වෙනසක්

(උදයම් , ස්විට්සර්ලන්තය) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 48 ක් දක්වා වර්ධනය කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මලනය (FIFA) තීරණය කරයි.

 

ඒ ස්විට්සර්ලන්තයේ සුරිච් හිදී මේ පිළිබඳ ගන්නා ලද අවසන් තීරන වලට අනුවය.

 

වත්මන් ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ගේ සංකල්පයකට අනුව ඉදරිපත් වූ මෙම සංකල්පය පිලිබඳ අවසන් ඡන්ද වීමසීමක් පසුගියදා පැවති අතර එහිදී මෙය සම්මත වී ඇත්තේ ඒකමතිකවය.

 

මේ අනුව මේ වන විට සහබාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා වැඩි කර තිබේ.

 

පැවැත්වෙන තරග සංඛ්‍යාව 64 සිට 80 දත්වාත් ඉහල දමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 

නමුත් තීරණය වූ නව සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 2026 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ සිට ය.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

අද විවෘත කෙරුණු ක්‍රීඩක නිවහන[PHOTOS]

Mohamed Dilsad

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා

Mohamed Dilsad

Leave a Comment