ප්‍රමුඛ පුවත 1

ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායට

(උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට  පැමිණෙයි.

 

සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන පැමිණි එම නෞකාව, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.
ලබන 14 වන දින දක්වා කැරබිනීර් නෞකාව කොළඹ වරායේ නැංගූරම්ලා තිබේ.

 

අදාළ නෞකාව දිවයිනේ නැංගූරම්ලා තිබෙන කාලය අතර තුර ශ්‍රී ලංකා නාවික හමුදාව, සංවිධානය කළ වැඩසටහන් කිහිපයකටද එහි නැව්මුළුව සහභාගීවීමට නියමිතය.

 

මේ අතර “කැරබිනියරි” යුද නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ෆ්‍රැන්සිස්කෝ පැග්නොටා මහතා විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහඳ කතාබහක ද නිරතව තිබේ.

 

 

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

Mohamed Dilsad

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment