ප්‍රමුඛ පුවත 1

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 03ක් මරුට – ප්‍රදේශවාසීන් උණුසුම් වෙයි

(UTV | කොළඹ) – කැකිරාව – දඹුල්ල ඒ 9 මාර්ගයේ තිබ්බටුවැව ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තිදෙ‍ෙනකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.

ඉන් 03 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

දඹුල්ල සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් පසු අදාළ ලොරි රථය කැකිරාව – රණජයපුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related posts

කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

Leave a Comment