ක්‍රීඩා

සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය යලි ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට සුදානම්

(උදයම්,කොළඹ ) – කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය නැවත ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට අභියාචනා මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ මීට පෙර ඒ සඳහා ලබාදුන් ටෙන්ඩරය අවලංගු කරමිනි.
2012 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට පෙර අලුතින් ඉදිකිරීමෙන් අනතුරුව විවෘත කළ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය වසරක් ගතවීමටත් පෙර අබලන් තත්ත්වයට පත්වුණි.

ඒ අනුව යළි එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු එක් සමාගමකට අදාළ ටෙන්ඩරය පසුගිය මාසයේදී ලබාදුන්නේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි සලකා බලා යළි ටෙන්ඩර් සඳහා මිල ගණන් කැඳවීමට තීරණය කර ඇත.

Related posts

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවතී තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

Mohamed Dilsad

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

Mohamed Dilsad

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

Mohamed Dilsad

Leave a Comment