ක්‍රීඩා

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට

UTV | COLOMBO – 2019 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරිමට තේරිම් කමිටුව තීරණය කර තිබෙනවා.

එහි සභාපති ග්‍රැහැම් ලැබ්රොයි මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

එසේම එංගලන්ත තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බවද එහිදී අනාවරණ වුණා.

මේ  අතර එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.

එහි නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිලවා සහ දිල්රුවන් පෙරේරා ඇතුලත්.

රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට ඇතුලත්.

අතිරේක ක්‍රීඩකයන් ලෙසට දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු තිරිමාන්න, කුසල්  ජනිත් පෙරේරා සහ නිශාන් පීරිස් නම්කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ද නම් කෙරුනා. නායක දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා සහ අකිල ධනංජය එම සංචිතය නියෝජනය කරනවා.

දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග,  අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයේ සෙසු ක්‍රීඩකයන්.

අතිරේක ක්‍රීඩකයන් ලෙසට ශෙහාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

Related posts

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

Mohamed Dilsad

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට

Mohamed Dilsad

එක්දින වැඩිම ලකුණූ අතරින් කුසල් පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment