ක්‍රීඩා

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නව සභාපති, කුවේට් ජාතික හුසේන් අල් මුසාලාම් මහතා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා නිලධාරීන්ට හිමිවිය යුතු පිළිගැනීම නැවතත් පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.   

ඒ සඳහා මැදිහත්කරු ලෙස ආසියානු ජල ක්‍රීඩා සංගමය කටයුතු කරන අතර ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්නේ එහි හිටපු ලේකම්වරයෙකු වන අක්‍රි අමීර් මහතාය.

ජුනි 5 වැනිදා පැවැති අන්තර් ජාතික ජල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වූයේ එතෙක් එහි උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ කුවේට් ජාතික හුසේන් අල්. මුසාලාම් මහතාය. ඒ සමගම වසර 2009 සිට එම ධුරයේ කටයුතු කළ ජුලියෝ මැග්ලියොන් මහතාගේ සේවය අවසන් විය.

කුවේට් ඔලිම්පික් කමිටුවේ වත්මන් මහලේකම්වරයෙකු වන මුසාලාම් මහතා එරට දැන් කල් ගෙවන ප්‍රවීනතම ක්‍රීඩා පරිපාලන නිලධාරිවරයකු වේ. ලෝක ජල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව හොබවන පළමු ආසියාතිකයා බවට පත්වන ඔහු වසර 2004 කොළඹදී පැවැති ආසියානු කලාප වයස් කාණ්ඩ ජල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වූ කුවේට් පිහිණුම් කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Related posts

අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා

Mohamed Dilsad

අද තරඟය ගැන එංගලන්ත කණ්ඩායමේ මතය

Mohamed Dilsad

Leave a Comment