Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් / තැනැත්තන් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවය.

කෙසේ නමුත් 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරී අනිවාර්ය නොවන බවත් මීට හේතුව වනුයේ තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර තිබේ.

එමෙන්ම නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශය බවද එම මණ්ඩල සඳහන් කළේය.

එම මණ්ඩලය සඳහන් කළේ අන්තර්ජාල සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස තොරතුරු සහතික කිරීමේ මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකි බවත් එසේ නොමැති නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීමෙන් හෝ වසම්භාර ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්‍රයක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාර දිය හැකි බවය.

ඒ අනුව අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන බවත් සහභාගී නොවූ පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවත් එම මණ්ඩලය පැවසීය.

Related posts

தொழில்நுட்ப கோளாறு காரணமாக புகையிரத சேவைகள் ரத்து

Mohamed Dilsad

The World Wetlands Day 2018 celebrated under the patronage of the President

Mohamed Dilsad

புற்றுநோய் பாதிப்பில் இருந்து மீண்ட நடிகர் இம்ரான் ஆஸ்மியின் மகன்

Mohamed Dilsad

Leave a Comment