දේශීය

මහනුවර ඇසළ මංගල්‍යයේ සිව් මහා දේවාල කප් සිටුවයි

(UTV | කොළඹ) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 2021 ඇසළ පෙරහර මංගල්‍යය අද අලුයම යෙදුනු සුබ මොහොතින් ආරම්භ කෙරුණා.

ඒ අලූයම 01 පසුවී මිනිත්තු 09 ට යෙදුණු සුබ මොහොතින් මහනුවර විෂ්ණු – නාථ – කතරගම හා පත්තිනි යන සිව්මහ දේවාලයන්හී කප් සිටුවීමෙන්.

මාවනැල්ල අලූත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ නින්ද ගමකදී කප් කැපීමේ මංගල්‍යය සිදුකෙරුණේ ඊයේ අලූයම 4යි 10 ට යෙදී තිබූ සුබ මොහොතින්.

කප් සිටුවීමෙන් ආරම්භ කෙරුණු මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ලබන 13 වනදා වීදි සංචාරය කෙරෙනවා.

පුරා දින 05 ක් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු ප්‍රථම රන්දෝලි පෙරහර එළඹෙන 18 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි.

අවසන් රන්දෝලි පෙරහර මෙම මස 23 වනදා පැවැත්වෙන අතර පසුදින අලූයම එනම් 24 වනදා ගැටඹේ තොටේදී දියකැපුම් මංගල්‍යය සිදුකිරීමෙන් අනතුරුව දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනු ඇති.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාළිගාව සහ සතර මහ දේවාල නියෝජනය කරමින් සම්බන්ධ වන සියලූම කලාකරුවන්ට කොවිඩ් මර්දන එන්නත් දී ඇති බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව පෙරහර වීදි සංචාරය කරන බවත් මෙවර පෙරහර නැරඹීමට අවස්ථාව දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැති බවත් දියවඩන නිළමේවරයා සඳහන් කළා.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment