දේශීය

හයර් දුවන ත්‍රිරෝද රියදුරන්ට පොලිසියෙන් පණිවිඩයක්

(UTV | කොළඹ) – රාත්‍රී කාලයේ කුලී ගමන් යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු බවට පොලීසිය අවධාරණය කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් ද විය හැකි බවයි .

ඊයේ රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ල කා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා ඇත.

කෙසේ වෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.

Related posts

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

Mohamed Dilsad

අය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

Editor O

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment