දේශීයප්‍රමුඛ පුවත 2

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

(UTV| කොළඹ) –  තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් ගැටළුවක් මුල් කරගනිමින් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

තැපැල් ඡන්ද පත්‍රිකා ඇසුරුම් බෙදාහැරීම සහ ඊට අදාළ කටයුතු මීට පෙර සිදු කෙරුණේ කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට වන අතර, එය මෙවර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට පරිපාලනය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු පී.එම් හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ එම රාජකාරී මෙවර මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර එම කටයුතු සඳහා කාර්ය මණ්ඩලය හිඟ බවයි.

එබැවින් තැපැල්පතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් ද මිට නිසි විසඳුමක් හිමි නොවුණහොත් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් සේවකයන් අවධාරණය කරයි.

Related posts

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

Mohamed Dilsad

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ගැන රජයෙන් හදිසි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment