දේශීය

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

(UTV | කොළඹ ) කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

නාවික හමුදාව විසින් අද (23) දිනයේ දී මෙම කටයුතු සිදුකරන ලදී.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික නිළධාරීන් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කර තිබුණි.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියකින් අරුන්දිකගේ පුතා පොලිස් භාරයට

Mohamed Dilsad

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment