දේශීය

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

(UTV | කොළඹ ) කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

නාවික හමුදාව විසින් අද (23) දිනයේ දී මෙම කටයුතු සිදුකරන ලදී.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්, අද එම රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය අළුත් වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික නිළධාරීන් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කර තිබුණි.

Related posts

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

Mohamed Dilsad

හාල් කිලෝව රු. 250ට ත් වැඩිවන පෙරනිමිති. වී කිලෝව 150ට මිලදී ගනිති.

Editor O

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment