දේශීය

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියකින් අරුන්දිකගේ පුතා පොලිස් භාරයට

(UTV | කොළඹ) – වෛද්‍ය පීඨයේ ඊයේ (02) උදෑසන ශිෂ්‍ය නේවාසිකාගාරයකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාර වී තිබෙනවා.

මෙම පුද්ගලයා නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ දී පොලිසීය වෙත භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මෙම පහර දීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් භාරයට ගත්තා.

සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර, හෙතෙම වලව්වත්ත – දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව අදාළ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 07ක් වන අතර, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ අතර, විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තමන් නිදොස් යැයි ඔප්පු වන තෙක් සිය ධුරයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.

ඊයේ (02) පෙරවරුවේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2 ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් 5 දෙනෙකු අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර, මෙම සිද්ධියට විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ද පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න හට නියෝග කළා.

ඒ අනුවයි පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කළේ.

එමෙන්ම මෙම ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් පවතින බව පවසමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ද ඊයේ (02) පස්වරුවේ විවේචනාත්මක ලිපියක් යොමු කළ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාධාරණාත්මක අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කෙරුණා.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගැනීමට දින නියම වෙයි [RELEASE]

Mohamed Dilsad

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පැමිණි තවත් පිරිසක් සොයා ගැනේ

Mohamed Dilsad

අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment