දේශීය

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි නවතියි

(UTV | කොළඹ) – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (02) සිට යළි අක්‍රීය වී තිබෙනවා.

බලාගාර සංකීර්ණයේ එක් බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබනවා.

ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළ ද එය දැක්වුණේ, මෙගාවොට් 2418ක් ලෙසයි.

ඉන් සියයට 64ක් තාප විදුලි බලාගාරවලින් ද සියයට 32ක් ජල විදුලි බලාගාරවලින් සහ සියයට 4ක් සුළං, සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනීය බලක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කර තිබුණා.

Related posts

ත්‍රිකුණාමලයේ ආන්දෝලනාත්මක බුදු පිළිම සිද්ධියේ ⁣රිට් පෙත්සම ට අදාළ, අභියාචනාධිකරණ නියෝගයට දින නියම කරයි

Editor O

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි කියන පුද්ගලයින් පිළිබඳ විමර්ශන ඇරඹේ

Editor O

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ,කාන්තාව යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment