දේශීය

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පැමිණි තවත් පිරිසක් සොයා ගැනේ

(UTV | යාපනය) – ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණ යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 09 සහ 05ක පිරිමි දරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ දිනයේදී සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

මොවුන් පසුගිය 07 වනදා මෙරටට පැමිණ ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.

ඔවුන් රාමේෂ්වරම් සිට ධීවර බෝට්ටවකින් පිටත්වී මන්නාරමට පැමිණි බව ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පවතින කොවිඩ් වසංගත තතත්තවය යටතේ ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් නීතිවිරෝධීව ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික පුද්ගලයින් මෙරටට පැමිණීම පිළිබද පැමිණිලි කිහිපයක්ම වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යාපනය පොලීසිය මේ පිළිබඳ විමර්ශන කරන අතර ඔවුන් පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

 

Related posts

ආසාදිතයින් 638 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

Editor O

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

Mohamed Dilsad

Leave a Comment