දේශීය

සයිනෝෆාම් සහ ස්පුට්නික් එන්නත් 80000 ක් ලබා දෙයි

(UTV | කොළඹ) – කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුද්ලයන් 80,277 ක් පමණ එන්නත් ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.   

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එනනත සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මෙසේ ලබා දී ඇත.

රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දී මෙම එන්නත් කරණය සිදු කළ අතර එන්නත් ලබාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දිගු පොලිම් ද දක්නට ලැබුණු අතර තිබූ එන්නත් සියලු දෙනාට ප්‍රමාණවත් ‍ නොවීම හේතුවෙන් කඩුවෙල, ගම්පහ, කඳාන ආදී ප්‍රදේශයන්හි එන්නත් ලබාදුන් ස්ථානවල ගැටුම්කාරී තත්වයන් ද ඇතිවිය.

මීට අමතරව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 10,189 දෙනෙකුටද ඊයේ දිනයේදී ලබාදීමට කටයුතු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 02ම ගත් පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ 31,557 දක්වා ඉහළ යනු ඇත.

Related posts

නාවිකයන් 30 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

කළුතර – බදුගම නව ජනපදය හුදකලා බවින් ඉවතට

Mohamed Dilsad

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment