දේශීය

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, එම පිරිස ගාසා තීරයේ වෙසෙන අනෙක් පිරිස් සමග ඊජිප්තුව වෙත ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බවය.

 

“මේ වන විට විශේෂයෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන්කොට තියෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27ක් සිටින බව පලස්තීන කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 අනෙකුත් පිරිස සමඟ ඊළඟට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා. ඔවුන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ ඒ සඳහා කටයුතු සම්පාදනය කිරීම පලස්තීන කාර්යාලය විසින් සිදුකරනු ලබනවා. ඒ අතරතුර රතු කුරුස සංවිධානය දැනට ඉල්ලීමක් කරලා තිබෙනවා, හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ඔවුන් සැකකරන 150ක් පමණ වූ ඊශ්‍රායල සහ විදේශික ජාතිකයන් ඔවුන්ගේ අත්අඩංගුවේ තිබෙනවා. එ් අත්අඩංගුවට පත්වෙලා ඉන්න සියලුදෙනාගේ විස්තර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් ඒ අතර සිටින බව දැනට සනාථ වෙලා තිබෙනවා. මං හිතනවා එ් විස්තර ලැබුණොත් අපේ අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම ස්ථානයේ තිබෙනවා නම් අපිට ඒ තොරතුරු ලබාගැනීමේ හැකියාව තියෙනවා.”

 

මේ අතර ඊශ්‍රායල – පලස්තීන ගැටුම් හේතුවෙන් මෙරටට ඇතිවිය හැකි ආර්ථික ගැටලුව රජය විසින් කළමනාකරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

 

මේ අතර මෙම යුද්ධය හේතුවෙන් මෙරටට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අවදානයෙන් කටයුතු කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

Related posts

නඩු 08කින් සරණ නිදහස්

Mohamed Dilsad

පොල් ගෙඩිය 260 නොවේ, 360 වුණත් කමක් නෑ කියා සිතනවානම්, මාලිමාවට කතිරය ගහන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

Editor O

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment