Trending Newsඑසැන පුවත්දේශීය

පොල් ගෙඩිය 260 නොවේ, 360 වුණත් කමක් නෑ කියා සිතනවානම්, මාලිමාවට කතිරය ගහන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

ආණ්ඩුවේ වැඩපිළිවෙළ හොඳ ද, නැද්ද යන්න අනුමත කර, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 120 ට ගන්නා ලද පොල් ගෙඩිය, රුපියල් 260 ට ලබා ගැනීම හොඳයි ද නරකයි ද යන්න සලකා කතිරය ගසන ලෙසත්, පොල් ගෙඩිය 260 නොවේ, 360 වුනත් කමක් නෑ කියා සිතනවා නම් කතිරය ගැසිය යුත්තේ මාලිමාවටම බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව පත්වී මාස 06 ක් ගත වී ඇතත්, පෙර පාසල් ළමයෙකුට හෝ දැනෙන දෙයක් සිදුව නොමැති බවද, අධ්‍ය‍ාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල බදු අඩු කරන බවට සඳහන් කළ ද, එවැනි කිසිවක් සිදුකර නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරය අල්ලාගෙන ‘බුදු අම්මෝ! මුන් විඳින සැප’ ලෙස ප්‍රකාශ කළ බවත්, ඒ හේතුවෙන් ජනතාව තමන්ට පාරට බහින්නට නොහැකි තරමට පහර දුන් බවයි ඔහු සඳහන් කර සිටියේ.

කලාපයේ බලවතා වන ඉන්දියානු අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීම ද විශාල දෙයක් බවද, ඔහුට පාරවල් වසා ආරක්ෂාව ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක් බවද මන්ත්‍රීවරයා පැවසුවා‍. පාරවල් වසන විට හූ කීමට පුරුදු කළේ මාලිමාව බවත්, මින් ඉදිරියට VIP වන්නේ ගිලන් රථ පමණක් බවට සඳහන් කළේ ද මාලිමාව බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related posts

இன்று (23) முதல் மாணவர்களை போதைப்பொருளிலிருந்து பாதுகாக்க திட்டம்

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

Editor O

Seven Indian fishermen detained near Delft Island for poaching

Mohamed Dilsad

Leave a Comment