Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය. 

එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත

Related posts

Zimbabwe’s Mnangagwa wins first post-Mugabe election

Mohamed Dilsad

ඇඳිරි නීති පෙදෙස්වල තැපැල් කාර්යාල නොඇරේ

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment