දේශීය

“වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ”

(UTV | කොළඹ) – ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බව සඳහන් කළේය.

“රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා. වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨ ම පොලිස් නිලධාරියා.බී රිපෝට් එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ.”

Related posts

පාර්ලිමේන්තුව 1 දක්වා කල් තැබේ – නව සැසියට 600 ක පිරිසක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

අද මධ්‍යහනේ සිට යළිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment