දේශීය

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම්කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.

Related posts

ඊයේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ටත් කොරෝනා

Mohamed Dilsad

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment