දේශීය

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට

(UTV | කොළඹ) – පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, හෙට පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මානව හිමිකම් කොමිසමට පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි.

Related posts

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ජා-ඇල ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 32 ක් නිරෝධායනට

Mohamed Dilsad

ගොවියාට නිසි කලට පොහොර නෑ. අස්වැන්නට නියමිත මිලක් නැහැ : ගොවි ජනතාව අසීරුතාවට පත් කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment