Trending Newsඑසැන පුවත්දේශීය

ගොවියාට නිසි කලට පොහොර නෑ. අස්වැන්නට නියමිත මිලක් නැහැ : ගොවි ජනතාව අසීරුතාවට පත් කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගොවියාට කලට වේලාවට පොහොර නොලැබෙන අතර තමන්ගේ අස්වැන්නට නිසි මිලක් නොමැති බවත්, කෘෂි උපකරණවල මිල වැඩි වී ඇති මොහොතක ගොවියා සුරකිනවා කියන ආණ්ඩුව ආර්ථික මධ්‍යස්ථාන කුණු කොල්ලයට විකුණා කන පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ කලාව ආසනයේ තලාව ප්‍රාදේශීය බලමණ්ඩලය අද (20) අමතමිනි.

එදා තෙල්, පොහොර දෙන බව පවසා ආඩම්බරකාර ජීවිතයක් ගත කරන්නට ගොවියාට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර වී වලට අණපනත් හරහා සහතික ස්ථාවර මිල නිත්‍යානුකූලව ලබා දෙන බවට වත්මන් ආණ්ඩුව පැවසූ බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

පරිසර හිතකාමී කියු ආණ්ඩුව යටතේ අලි කීයක් මැරෙනවද? . වත්මන් ආණ්ඩුවට වගා හානි, ජීවිත හානි, දේපල හානි වලට වැඩපිළිවෙළක් නැහැ. පරිසරවේදී කිව්වද අද වන විට ගොවියාත්, වන සතුනුත් විනාශ වෙනවා.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ යන්ත්‍ර අද වන විට ක්‍රියාවිරහිත වෙලා. ලංකාවේ ප්‍රධාන රෝහලේ පවතින මෙම ගැටලු පිළිසකර කළ නොහැකි ආණ්ඩුවට රටක් ඉදිරියට ගෙන යෑමට නොහැකි යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

Mohamed Dilsad

பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு அவசர நிதி உதவியாக 10,000 ரூபா

Mohamed Dilsad

චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක්

Editor O

Leave a Comment