Trending Newsඑසැන පුවත්දේශීය

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

එස්. එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්. එම්. නලීම් මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරගකිරීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයෙකි. ඒ අනුව  පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අබ්දුල් වසීත් මහතා නම් කිරීමට එම පක්ෂයේ නායකත්වය තීරණය කර ඇත. අබ්දුල් වසීත් මහතා පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක්.

Related posts

இறக்குமதி செய்யப்படும் மதுபானங்களுக்கு புதிய நிபந்தனை

Mohamed Dilsad

புகையிரதத்தில் மோதிய சிறுவன் பரிதாபமாக பலி

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment