දේශීය

කොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වල

(UTV|කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබයි.

වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 86ක් ඇති බවයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

දඹදිව වන්දනාවේ ගොස් සිට පසුගිය දෙදින තුළ මෙරටට පැමිණි පුද්ගලයන් 444 දෙනෙකු ද ඊට යොමු කර ඇත.

විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් සිය තොරතුරු ලබාදී ලියාපදිංචි වී ඇති බවද වර්තාවේ.

Related posts

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් කංචන ට ප්‍රමිත ට ඉඩ ලැබෙයිද ?

Editor O

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment