Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් කංචන ට ප්‍රමිත ට ඉඩ ලැබෙයිද ?

පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා හිටපු බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම ට අද (18) උදෑසන පැවති සාකච්ඡාවකදී යෝජනා වූ බවත්, එම යෝජනාවට බහුතර කැමැත්ත පළකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම දෙදෙනාට මන්ත්‍රී ධූර ලබාදෙන බවට, නිල වශයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවද සඳහන්. කෙසේ නමුත් කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව සමාජය තුළ මතයක් ගොඩනැගී තිබේ.

මීට පෙර පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ඩන, තලතා අතුකොරල හා ශෙර්මිලා පෙරේරාගේ නම් යෝජනා වු පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු පිරිසක් මෙම යෝජනාවට ව්රෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වෙයි.

Related posts

මත්ද්‍රව්‍ය වැටලීමකදී 61දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ஜனாதிபதியுடன் கலந்துரையாட நாம் செல்வதில்லை

Mohamed Dilsad

Fernando Alonso completes Toyota sportscar test

Mohamed Dilsad

Leave a Comment