දේශීයප්‍රමුඛ පුවත 3

කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීම කල් යන ලකුණු

(UTV | කොළඹ) – අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද එය තවමත් ස්ථිරව නොමැති බව සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට හේතුව වී ඇත්තේ  විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති නිසා ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම බව ද ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වත්තල “සන් කාසල්” උත්සව ශාලාවේ  පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට පැමිණීමට ඉල්ලුම් කර තිබෙනවා. ඒ අය තානාපති කාර්යාල වල ලියාපදිංචි වෙලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක.අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Related posts

රාජ්‍ය ඇමති කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

Mohamed Dilsad

අද දිනය තුළ කොරෝනා මරණ 5ක්

Mohamed Dilsad

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති සහ ලේකම් ලබන 27තෙක් රිමාන්ඩ්

Editor O

Leave a Comment