Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාල නීති අංශයේ සිසුන් චාර්ට් වෙරළ තීරය පිරිසිදු කරති

යාපනය විශ්වවිද්‍යාල නීති අංශයේ නීති ශිෂ්‍ය සංසදයට වසර 20 ක් පිරිමි නිමිත්තෙන් වූ සංවත්සරය සැමරුමට සමගාමීව, යාපනය චාර්ටි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 05 වෙනිදා පැවැත්වින.

යාපනය විශ්වවිද්‍යාලයේ නීති අංශ නීති ශිෂ්‍ය සංසදයේ 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025 නොවැම්බර් 5 වැනි දින යාපනයේ චාර්ටි වෙරළේ විශේෂ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට නීති අංශයේ සියලු වසරවල ශිෂ්‍යයන් සහභාගී⁣වෙමින් සාමූහිකත්වය සහ පරිසර වගකීම් පිළිබඳ අවබෝධය ප්‍රදර්ශනය කළහ.

නීති ශිෂ්‍ය සංසදයේ සභාපති එම්. එන්. එම්. මුස්තාක් නෆ් සහ ලේකම් සහන් සත්සරගේ නායකත්වයෙන්, නීති අංශ මූලධර්මිකාව මහාචාර්යනී කොසලයි මදන්ගේ මාර්ගෝපදේශනය සහ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. ව්‍යාපෘතිය සඳහා සංවිධායකයින් ලෙස මහාචාර්යනී සුජාතා සම්‍රදිවකර හා මහාචාර්යනී සුපාෂිනි රුමනන් කටයුතු කළහ.

වෙරළ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දීමත්, නීති ශිෂ්‍යයන්ගේ සමාජ වගකීම් සහ තිරසාර සංවර්ධනයේ දායකත්වය ප්‍රමුඛ කර දැක්වීමේ අරමුණෙන් වැඩසටහන සංවිධානය කර තිබිණ.

Related posts

Centralised database of personal info to be created

Mohamed Dilsad

SLFP decides to ask Prime Minister to resign before No-Confidence Motion

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment