දේශීය

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

(UTV | කොළඹ) – නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා පත්කර ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21) දිනයේදි මෙම පත්කිරීම සිදුකල බව නාවික හමුදාව නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රුවන් පෙරේරා මහතා වසර 1986 දී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව තිබුණි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර රුවන් පෙරේරා මහතා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කර තිබුණි.

 

 

 

 

Related posts

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම ලබාදෙයි

Mohamed Dilsad

සියලු කතෝලික පෞද්ගලික පාසල් ජූලි 17තෙක් වසයි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් යළි පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment