දේශීය

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

(UTV | කොළඹ) – හෙදියන් දෙදෙනෙකුව විකිරණශීලී කාමරයක් තුලට දමා අගුලු දැමීමේ සිදුවීමක් මහරගම අපේක්ෂා රෝහලෙන් වාර්තා වී තිබේ.   

ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශණ වලදි හෙළිවී ඇත්තේ රෝහල් සේවකයින් දෙදෙනෙක් විසින් මෙම හෙදියන් දෙදෙනාව අදාළ කාමරය තුලට දමා පැයක පමණ කාලයක් රඳවා තබා ඇති බවයි.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, විකිරණ ශිල්පීන් දෙදෙනකු විසින් අදාළ හෙදියන් දෙදෙනා විකිරණශීලි කාමරක් තුළ පැයක පමණ කාලයක් අඟුලු දමා සිර කර තබා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර විකිරණ ශිල්පියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

 

 

 

Related posts

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

ලක්ෂ 10 කට අධික මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

සුළි කුණාටුවෙන් 374,000කගේ රැකියා අහිමි වෙලා

Editor O

Leave a Comment