දේශීය

ලක්ෂ 10 කට අධික මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කුඩා දරුවෙකු යතුරු පැදියේ රැගෙන යමින් හොරෙයින් මත්කුඩු මහා පරිමාණයෙන් බෙදා හැරීමේ නිරත වූ කාන්තාවක් අද (15) කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට අධික වන බව පොලිසිය පැවසීය.

සැකකාරිය සන්තකයේ තිබී ග්‍රෑම් තුනකට අධික බරින් යුත් මත්කුඩු පැකට් දෙසීයක් ,ග්‍රෑම් පනස්  නවයක් බර මත්කුඩු අඩංගු කුඩා පාර්සල් පහලොවක් ,  විද්‍යුත් තරාදි දෙකක්, ජංගම දුරකථන හතරක් පොලිසිය භාරයට  ගෙන ඇත .

බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්කුඩු මෙම සැකකාරිය ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මක වෙයි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

Mohamed Dilsad

Leave a Comment