දේශීය

පාන් ආඥා පනත අවලංගු කෙරේ

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත.

 

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබේ.

 

නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බව හඳුනාගෙන ඇත.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසම හෙට ජනපති හමුවට

Mohamed Dilsad

එජාප විශේෂ රැස්වීමක් සිරිකොත දී

Mohamed Dilsad

Leave a Comment